තෙල් කාන්දුවේ වගකීම සංස්ථාවේ ඉන්ධන කළමනාකරු බාර ගත යුතුයි

  👤  2535 readers have read this article !
By mawbima 2018-09-12

මුතුරාජවෙල පර්යන්තයට ඉන්ධන ගෙනයන නළයකින් ඉන්ධන කාන්දු වීම පිළිබඳ සම්පූර්ණ වගකීම ලංකා ඛනිජතෙල් සංස්ථාවේ තෙල් පහසුකම් සපයන අංශයේ කළමනාකාරවරයා විසින් භාරගත යුතු බව ඛනිජ තෙල් සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා චෝදනා කරයි.


යම් කාලසීමාවක් තුළදී මෙම නළ අලුත්වැඩියා කළ යුතු වුවත් තෙල් පහසුකම් සපයන අංශයේ කළමනාකාරවරයා විසින් තම වගකීම් පැහැර හැරීම හේතුඒවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.


2002 වසරේදී ඉදිකළ මෙම නළයෙන් තෙල් කාන්දුවක් සිදුවන බව ඛනිජ තෙල් සංස්ථා සේවකයන් විසින් මීට පෙර පෙන්වා දී ඇතත්, තෙල් පහසුකම් අංශයේ කළමනාකාරවරයා විසින් ඊට තාවකාලික පිළියම් යොදමින් එම නළයම ප්‍රයෝජනයට ගෙන තිබෙන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon