ඉන්ධන මිල සූත්‍රය මමත් දැකලා නෑ

  👤  2484 readers have read this article !
By mawbima 2018-09-12

ඉන්ධන මිල සූත්‍රය තමන්ද දැක නැති බවත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම කෙනකුට එය ලබා ගැනීමේ හැකියාව පවතින බවත් ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පැවැසීය.


එම මිල සූත්‍රය සකසන්නේ කැබිනට් මණ්ඩලය අනුමත කළ කමිටුවකින් බවත් ඇමැතිවරයා කීවේය.


එම කමිටුව සඳහා දේශපාලනඥයන් සහභාගි නොවන බවද සමරසිංහ ඇමැතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලනිප මූලස්ථානයේ ඊයේ (11දා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කීය.
ජනතාව අපහසුතාවට පත්වන අයුරින් සිදුකරන මෙවැනි යෝජනාවලදී කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමැතිවරයකු ලෙස මැදිහත් නොවන්නේ මන්දැයි මාධ්‍යවේදීන් මෙහිදී ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.


"අපි අනිවාර්යයෙන් මැදිහත් වෙනවා. නමුත් මේ මිල සූත්‍රය සකසන්නේ ජාත්‍යන්තර මිල ගණන්වලට සමගාමීව. හැබැයි මේ මඟින් ව්‍යාපාරිකයා විසින් පාරිභෝගිකයා අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියා සිදුකරනවා නම් එවැනි ක්‍රියාවන් කරන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නෑ."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon