ව්‍යාපාරික කටයුතු ගැන ඇති විශ්වාසය දැන් පහළ බැහැලා එල්.එම්.ඩී. ව්‍යාපාරික දර්ශකය

  👤  921 readers have read this article !
By mawbima 2018-09-12

දෙනගම ධම්මික රණවීර

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශ්වසනීයත්වයක් පිළිබඳ අඩුම අගයක් පෙන්නුම් කර ඇතැයි එල්.එම්.ඩී. ව්‍යාපාරික විශ්වාසය පිළිබඳ දර්ශකය අනාවරණය කර ඇත.

2017 සැප්තැම්බර් සිට 2018 අගෝස්තු දක්වා මාස 12 තුළ අඩුම අගයක් පෙන්වා ඇත්තේද පසුගිය අගෝස්තු මාසයේ බවද එහි සඳහන් වේ.

ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යෑම, උද්ධමනය වැඩි වීම හා අලුත් බදු හඳුන්වාදීම ආදී කරුණු රැසක් ව්‍යාපාර පිළිබඳ විශ්වාසය අඩුවීමට හේතු වී ඇති බවද එමඟින් පෙන්වා දී තිබේ.

2017 සැප්තැම්බර් මාසයේදී එහි අගය ඒකක 100කට ආසන්න වුවද මේ වසර තුළ එය ක්‍රමික පසුබෑමක් පෙන්නුම් කොට අගෝස්තු මාසයේදී අවම අගයක් පෙන්වා ඇති බවද එහි සඳහන් වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon