සිරකරුවන් බලන්නට එද්දී තහනම් කිසිදෙයක් ගෙනෙන්න එපා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඥාතීන්ගෙන් ඉල්ලයි

  👤  665 readers have read this article !
By mawbima 2018-09-12

කුමුදු උපුල් ශාන්ත

බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් හමුවීම සඳහා පැමිණෙන විට ඔවුන්ට දීම සඳහා කිසිදු තහනම් භාණ්ඩයක් ගෙන නොඑන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව එකී සිරකරුවන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ගෙන් ඉල්ලා සිටියි.

අද (12දා) දිනට යෙදී ඇති ජාත්‍යන්තර සිරකරු දිනයට සමගාමීව සිරකරුවන්ට සිය ඥාතීන් හමුවීම සඳහා අවස්ථාව සලසා දී ඇති බවත් එසේ පැමිණෙන ඇතැම් ඥාති හිතමිත්‍රාදීන් එකී සිරකරුවන්ට දෙන කෑම වර්ගවල සඟවා මත්ද්‍රව්‍ය වැනි විවිධ තහනම් ද්‍රව්‍ය දීමට උත්සාහ ගන්නා අයුරු පසුගිය කාලය තුළ දැක ගැනීමට තිබූ බැවින් එකී ඉල්ලීම කරන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ඥාතීන් එක් සිරකරුවකුට කෑම පාර්සල් විශාල සංඛ්‍යාවක් එකවර දෙන බවත් එක් පුද්ගලයකුට එවැනි කෑම විශාල ප්‍රමාණයක් අවශ්‍ය නොවන බැවින් බන්ධානාගාර නීති රීතිවලට අනුව ඔවුන්ට අවශ්‍ය කෑම ප්‍රමාණය පමණක් දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් එය බන්ධනාගාර ආරක්ෂාවටද හේතුවක් වන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon