අණ නොතකා පලා ගිය වෑන් රියට පොලිසියෙන් වෙඩි තුන්දෙනෙක් අත්අඩංගුවේ එකෙක් පලායයි

  👤  666 readers have read this article !
By mawbima 2018-09-12

කුරුණෑගල - සුනිල් එස්. පැල්ලන්දෙණිය

පොලිස් අණ නොතකා ගමන්ගත් වෑන් රථයකට කුරුණෑගල පිලීකඩ, මිල්ලව ප්‍රදේශයේදී වෙඩි තබා නතර කොට සැකකරුවන් තිදෙනකු ඊයේ (11දා) පස්වරුවේ කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මහනුවර දිගන ප්‍රදේශයේ සිට කුරුණෑගල දක්වා ගමන්ගත් එම වෑන් රථයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට කුරුණෑගල පොලිසියේ දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් අනුව, පොලිස් නිලධාරීන් මඟ රැක ගෙන සිටින අතරතුර අදාළ සැකකරුවන් පොලිස් අණ තොතකා වෑන් රථය ධාවනය කර ඇත.

ඒ සමඟම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාර නිසා වෑන් රථය නතර කොට සැකකරුවන් වාහනය දමා පලා යන අවස්ථාවේදී ඔවුන් පසුපස හඹා ගොස් තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් එක් සැකකරුවකු පලා ගිය බවත් පොලිසිය සඳහන් කරයි.

එම මෙහෙයුම සඳහා එක්ව සිටි පොලිස් නිලධාරියකුද අදාළ වෑන් රථයේ ගැටීමෙන් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය පවසයි.

මේ අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් සැකකරුවකු ද රෝහල් ගත කර තිබෙන අතර සැකකරුවන් දිගන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon