ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවන්නට ගිය කෝටි 89 ගනුදෙනුව පිළිබඳව සොයන්න සීඅයිඩියට භාරදෙයි

  👤  682 readers have read this article !
By mawbima 2018-09-12

චාමර අමරසූරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය බව පැවැසෙන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (11දා) භාරදී තිබේ.

මීට අදාළ පැමිණිල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි අෑෂ්ලි ද සිල්වා මහතා විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පෙරේදා (10දා) ඉදිරිපත් කර තිබූ අතර එම පැමිණිල්ල සලකා බලමින් පොලිස්පතිවරයා මෙම නියෝගය ලබාදී ඇත.

එළැඹෙන ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරග සංචාරය වෙනුවෙන් රූපවාහිනි විකාශය අයිතිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිව තිබූ රුපියල් කෝටි 89ක මුදලක් විදෙස් බැංකුවක පවත්වාගෙන යන පෞද්ගලික ගිණුමකට බැර කිරීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon