සුළු පියා විසින් දහතුන් හැවිරිදි දැරියක් අපයෝජනය කළේ යැයි කියන සිද්ධියට පොලිසියෙන්් පරීක්ෂණ

  👤  2584 readers have read this article !
By mawbima 2018-09-13

මාතර - උදය කුමාර රණවීර

දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යවක් වසර ගණනක සිට සුළු පියා විසින් අපයෝජනය කළේ යැයි පවසමින් සිදුකළ පැමිණිල්ලකට අනුව හක්මන පොලිසිය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මේ දැරියට වයස අවුරුදු තුනේදී ඇයගේ පියා මියගොස් ඇති අතර ඉන්පසු ඇය සුළු පියාගේ රැකවරණ මත වැඩී ඇත.

කලක සිට සුළු පියාගෙන් මෙම දැරිය විවිධ ලිංගික අපයෝජන වලින් පීඩා විඳින බවට ගුරුවරියක සමඟ ඇය පැවසීමත් සමඟ එම ගුරුවරිය ප්‍රදේශයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියකුට මේ බව අනාවරණය කර ඇත.

පසුව දැරියගේ මව කැඳවා මවට අවවාද කර ඇති අතර මෙම සිද්ධිය හක්මන පොලිසියට පැමිණිලි කිරීමත් සමඟ පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

හක්මන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. ප්‍රේමතිලක මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon