ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත ඉදිරිපත් කරද්දී ඇමැතිවරුන් හතර දෙනෙක් අතර ඇති වූ මත ගැටුම මාධ්‍ය සන්දර්ශනයක්

  👤  2508 readers have read this article !
By mawbima 2018-09-13

ඉෂාරා සිල්වා

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇමැතිවරුන් 04 දෙනෙක් අතර ඇති වූ බව කියන මතභේදය හුදෙක් මාධ්‍ය සන්දර්ශනයක් පමණක් බව ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

මීට පෙරද විවිධ පනත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවලදී ඇමැතිවරුන් අතර මතගැටුම් ඇති වුවද අවසානයේ එම පනත් සියල්ල කැබිනට් මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කළ බවත් මෙය මාධ්‍ය හරහා රටේ ජනතාව රැවටීමට කළ දෙයක් බවත් මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

මෙම පනත රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ පනතක් වුවද විදේශ ඇමැතිවරයා විසින් මෙය ඉදිරිපත් කරනු ලැබුවේ දැනටමත් ජිනීවා නුවර එම පනත කෙටුම්පත් කර තිබීම නිසා බවද හෙතෙම පැවැසීය.

මතභේද ඇතිකර පනතක් ගෙන ඒම නතර කිරීමට තරම් කොන්දක් ඇති ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලය තුළ නැති බැවින් ශ්‍රී ලංකාවට අහිතකර කිසිදු පනතක් අහෝසි නොකෙරෙන බවද මන්ත්‍රි අලහප්පෙරුම මහතා කීය.
ඊයේ (12දා) බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon