බාධක හමුවේ වුවත් අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් දේශපාලන නායකත්වයක් ලබාදීමට පසුබට වෙන්නේ නෑ - ඇමැති අකිල විරාජ් කාරියවසම්

  👤  2561 readers have read this article !
By mawbima 2018-09-13

ජේ.ටී. ද සිල්වා

රටේ දරුවන්ගේ අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් කවර බාධක හමුවේ වුවද දේශපාලන නායකත්වය ලබාදීමට තමා කිසිදු විටක පසුබට නොවන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අවධාරණය කරයි.
පාට, පක්‍ෂ භේදයකින් තොරව, රටක් ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියට යාහැකි සංස්කෘතිය, සදාචාරය හා ගුණධර්ම අගයන පුරවැසියකු බිහිකිරීමට අවශ්‍ය අධ්‍යාපන අවස්ථාවන් ඇති කරලීම සඳහා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විද්වතුන් ලබාදෙන දායකත්වය අගය කරන බවද ඇමැතිවරයා සඳහන් කරයි.

ශීඝ්‍රයෙන් වෙනස් වන තාක්‍ෂණික ලෝකය සහ රැකියා අවස්ථා ජයගත හැකි සිසු පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් ලොව පුරා මේ වන විට විද්‍යා, තාක්‍ෂණ, ඉන්ජිනේරු, ගණිත (ඉඊඡ්ර්) අධ්‍යයන අවස්ථා පුළුල් කිරීම පිළිබඳ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ආකාර පිළිබඳව සොයා බැලීම සඳහා තම උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගත්තා.
අධ්‍යාපන ලේකම්වරයාගේ අධීක්‍ෂණය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ, විද්‍යා අංශයේ සම්බන්ධීකරණයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වුණා. ඒ සඳහා ලංකාවේ ප්‍රකට විද්‍යා අධ්‍යාපනඥයන්, විද්‍යාඥයන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, විවිධ ආයතනවල විද්වතුන් ඇතුළු පිරිසක් දායකත්වය සපයා තිබෙනවා.

ඒ අනුව ප්‍රාථමික, ද්විතීයික හා ජේ‍යෂ්ඨ යන අංශවලට අදාළ යෝජනා මාලාවක් සකස් කර තිබෙනවා.

සොබාදහම, පරිසරය හා ප්‍රායෝගිකත්වයට මූලිකත්වය ලබාදෙන දරුවකු ප්‍රාථමික අධ්‍යාපනය හරහා නිර්මාණය කිරීම සහ තරගකාරී විභාග මානසිකත්වයෙන් ඔවුන් මුදා ගනිමින් කණ්ඩායම් හැඟීමෙන් යුත් පිරිපුන් ශිෂ්‍යයකු ප්‍රාථමික අධ්‍යාපනය හරහා නිර්මාණය කිරීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත්වී තිබෙනවා. ඉඊඡ්ර් අධ්‍යාපන අවස්ථා පුළුල් ලෙස යොදා ගැනීම අපේක්‍ෂාවයි.

ද්විතීය අංශය යටතේ 6-10 ශේ්‍රණිවල දරුවන්ගේ අධ්‍යාපනය තුළ ඇති ඉඊඡ්ර් අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් විෂය මාලාව තුළ විද්‍යා, තාක්‍ෂණ, ඉන්ජිනේරු හා ගණිතය යන විෂයයන් ඉගැන්වීමේ ප්‍රමාණය ප්‍රායෝගිකත්වයට මුල් තැන දී ඉහළ නැංවීමටත් යෝජනා වී තිබෙනවා.

මීට අමතරව උසස් පෙළ සිසුන් සඳහා ඉඊඡ්ර් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට යෝජනා වී තිබෙනවා. විද්‍යා විෂයයන් හදාරන සිසුන්ට කලාත්මක රසවින්දනය පිළිබඳ අවබෝධයක් ලබාදීම මෙන්ම කලා විෂයයන් හදාරන සිසු දරුවන්ට ප්‍රායෝගික විද්‍යා අවබෝධය ලබාදීමටද යෝජනා වී තිබෙනවා.

මෙම යෝජනාවලිය අධ්‍යාපන ඇමැතිවරයා වෙත ලබාදීම පසුගියදා (10දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුකෙරිණි. එම යෝජනා සම්පාදනය කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ඔවුන්ට සහතිකයක් පිරිනැමීම ඇමැති අකිල විරාජ් කාරියවසම් අතින් සිදුකෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon