මහෞෂධ නොදුටු පැන කාව්‍ය සංග්‍රහය එළිදැක්ම 19 වැනිදා

  👤  2544 readers have read this article !
By mawbima 2018-09-13

හර්ෂනී අර්සකුලරත්න

සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම් මෙන්ම වත්මන් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය නිලධාරි ගයාන් පීරිස්ගේ "මහෞෂධ නොදුටු පැන" කාව්‍ය සංග්‍රහය මේ මස 19දා ප.ව. 4.00ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ.

ගයාන් පීරිස් රචිත දෙවැනි කාව්‍ය සංග්‍රහය මෙය වන අතර සිව්පද සහ සේයා රූ සමායෝජනයෙන් කාව්‍ය කෘතිය සංගෘහිත වේ.

මේ කෘතිය එළි දක්වන උත්සවයේ ප්‍රධාන දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් මහතා විසින් පවත්වනු ලබන අතර සෙසු දෙසුම් පවත්වනු ලබන්නේ සම්මානලාභී ගේය පද රචක අමිල තේනුවර සහ ප්‍රවීණ ගේය පද රචක හා සාහිත්‍යවේදී සුනිල් ගුණවර්ධන විසිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon