නියඟයෙන් පීඩා විඳින පවුලකට මාසිකව රුපියල් 5,000ක දීමනාවක්

  👤  2612 readers have read this article !
By mawbima 2018-09-13

නුවන් හෙට්ටිආරච්චි

දැඩි නියං තත්ත්වයට මුහුණ දෙන පවුල් 2,83,911ක් සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් වියළි සලාක සහනාධාර ලබා දෙන බව වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසයි.

මේ බව අමාත්‍යවරයා සඳහන් කළේ පෙරේදා (11දා) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

මෙම නියං තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 17ක මිනිස්සු පීඩා විඳිනවා. පුද්ගලයන් වශයෙන් ගත්තහම අටලක්ෂ හතළිස් අට දහස් පන්සිය දහ නවයක් (8,48,518).
මෙහිදී ජලය හිඟ පවුල් 1,92,148කට පානීය ජලය ලබා දීමට කටයුතු කරනවා.

ඊට රුපියල් මිලියන 58.4ක් වැය වෙනවා. පසුගිය කාලය පුරාවටම ඒ කියන්නේ අපි 2015 ආණ්ඩුව ලබා ගත් පසු සිදුවූ ආපදා විශාලයි. ඒ නිසා මේ වන විට විශාල මුදල් ප්‍රමාණයක් වැය කොට තියෙනවා. ගිය බ්‍රහස්පතින්දාත් අපි රාජ්‍ය භාණ්ඩාගාරයේ රුපියල් මිලියන 25ක මුදලක් වෙන්කර ගත්තා හදිසි ආපදා තත්ත්වයකදී ගැනීම සඳහා. ඒ නිසා අපි පූර්ණ අවධානයෙන් පසුවෙනවා.

සමහර පුවත්පත් වාර්තා කරනවා අපි වැඩ කරන්නේ නැහැ ජනතාව නියඟෙන් බැට කනවා කියලා. නමුත් ඒ අය හොයල බලන්න අපි රජයේ මුදල් විතරක් නෙවෙයි පසුගිය ගංවතුර කාලවල පෞද්ගලික මුදල් පවා වියදම් කළා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon