සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට පලඳවයි

  👤  2648 readers have read this article !
By mawbima 2018-09-13

සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින් සෑම වසරකම සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය පෙරේදා (11දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැලඳවූ අයුරු.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන අතර, සිරකරුවන් උදෙසා වෛද්‍ය සායන, ඇස් කණ්ණාඩි දීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සිරකරුවන්ගේ පවුල් වෙනුවෙන් විවිධ ප්‍රජා සත්කාර දියත් කිරීම මෙමඟින් සිදු වේ.

සිරකරු සුබසාධන සංගමයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන මහතා විසින් ජනාධිපතිතුමා වෙත ප්‍රථම කොඩිය පැලඳ වූ මේ අවස්ථාවට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon