අවුරුදු පතාවත් වැටුප් වැඩි නොකරන ආණ්ඩුව කිසිදු හිරිකිතයකින් තොරව මාස් පතා ඉන්ධන මිල ඉහළ දමනවා-ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

  👤  2502 readers have read this article !
By mawbima 2018-09-13

අනුරාධා හේරත්

කළු කඩ ක්‍රමයට ඉන්ධන මිල ඉහළ දමනවා නම් රටට ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවත් මේ පාලකයන් වහාම පලවා හැරීමට ජනතාව එක්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසුවේ මාසෙන් මාසෙට තෙල් මිල ඉහළ දැමීම බරපතළ අර්බුදයක් බැවින් පක්ෂ, පාට නොබලා ජන විරෝධය පෙළගැස්වීම මහජනයාගේ ඍජු වගකීමක් බවයි.

ජනමතයට ආණ්ඩුව තවදුරටත් ඇහුම්කන් නොදෙන්නේ නම්, තම පක්ෂය ජනතාව සමඟ ප්‍රබල විරෝධයකට සූදානම් බවද ඒ මහතා කීය.

අවුරුදු පතාවත් වැටුප් වැඩි නොකරන ආණ්ඩුව කිසිදු හිරිකිතයකින් තොරව මාස් පතා ඉන්ධන මිල ඉහළ දමන බවට චෝදනා කළ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කළු කඩයක් බඳු ආණ්ඩුවක් රටට කිසිසේත්ම අවශ්‍ය නොවන බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon