නියඟයෙන් තේ අස්වැන්න 60%කින් පහළට

  👤  2645 readers have read this article !
By mawbima 2018-09-13

තවලම - සමන්ජී ලියනආරච්චි

මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තේ ඉඩම්වල දලු අස්වැන්න අඩු වී ඇති බවත් තේ දලු සඳහා ගෙවන මිල බලාපොරොත්තු රහිත ලෙස පහත වැටීමත් නිසා තම ආදායම් තත්ත්වය නරක අතට හැරී ඇතැයි ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේ ඉඩම් හිමියෝ මැසිවිලි නඟති.

තේ කම්හල් හිමියන් ප්‍රකාශ කළේ මේ දිනවල තම කම්හල්වලට දෛනිකව ලැබෙන අමු තේ දලු ප්‍රමාණය 40%කින් පමණ අඩු වී ඇති බවයි.

නියඟය නිසා තේ ඉඩම්වල දලු අස්වැන්න දිනෙන් දිනම පහත වැටෙමින් පවතින අතර සමහර තේ ඉඩම්වල තේ ගස් මැරී යෑමටද පටන්ගෙන තිබේ.

මේ වන විට දිස්ත්‍රික්කයේ පවතින නියඟයත් දිවා කාලයේ පවතින දැඩි සුළඟත් පෙර වසරවල නොවූ අන්දමින් දහවල් කාලයේ ඇති අධික රශ්මියත් තේ දලු අස්වනු අඩු වීමට බෙහෙවින්ම බලපා ඇතැයි තේ වගාකරුවෝ පවසති
.
ගාල්ල දිස්ත්‍රික්කයේ තේ ඉඩම් හෙක්ටයාර් 27,438ක් වගා කර ඇති අතර කුඩා තේ ඉඩම් හිමියන් 81,462ක් සිටිති. මොවුන් සියලු දෙනාටම මෙම අහිතකර තත්ත්වය බලපා ඇති අතර තේ වගාව ආශ්‍රිතව රැකියා කරමින් දිවි ගැට ගසා ගත් විශාල පිරිසක්ද දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

කෙසේ වෙතත් මෙම නියඟ තත්ත්වය තවදුරටත් පැවැතියහොත් තේ වගා සම්පූර්ණයෙන්ම විනාශ වී යා හැකි බවටද තේ ඉඩම් හිමියෝ බිය පළ කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon