පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දෙමළ ජනතාවගේ පාරම්පරික සිද්ධස්ථාන විනාශ කිරීමේ උත්සාහයක නිරත බවට චෝදනාවක්

  👤  2578 readers have read this article !
By mawbima 2018-09-13

ලක්ෂ්මී ජයකොඩි

ඇතැම් භික්ෂුන් වහන්සේගේ උපදෙස් මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දෙමළ ජනතාවගේ පාරම්පරික සිද්ධස්ථාන හා සලකුණු විනාශ කිරිමේ උත්සාහයක නිරතව සිටින බවට දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.
මේ තත්ත්වය වහා නතර කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට උතුරේ ජනතාවගේ සහාය අහිමි වනු ඇති බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චාල්ස් නිමලනාදන් මහතා අනතුරු ඇඟවීමක් කරයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් නිමලනාදන් මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කර ඇත.

මුලතිව් කුරුන්තිව් පර්වතය ප්‍රදේශයේ පන්සලක් ඉදිකිරීම පසුගියදා භික්ෂුන් වහන්සේ පිරිසක් විසින් ආරම්භ කර තිබෙනවා. එය ප්‍රදේශවාසීන් විසින් නතර කර තිබෙනවා. මේ තත්ත්වය භයානකයි. මෙවැනි සිදුවීම් ඇති වුවහොත් තවත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ අවදානමක් තිබෙනවා. දෙමළ ජනතාව බහුතරයක් ජීවත් වන ප්‍රදේශවල මෙවැනි සිදුවීම් අඛණ්ඩව වාර්තා වෙනවා.
දෙමළ ජනතාවගේ පාරම්පරික සිද්ධස්ථානවල ගවේෂණ ආරම්භ වී තිබෙනවා.

එම ස්ථානවල පුද පූජා වතාවත් සිදුකළ යුත්තේ මීටර 400ක් අෑතින් සිට බව ප්‍රකාශ කර තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු සිදුවන්නේ සංහිඳියා වැඩපිළිවෙළට පටහැනිවයි.

උතුරු නැඟෙනහිර පළාත් සංවර්ධනය කිරිමේ අරමුණින් දෙමළ ජනතාවගේ පාරම්පරික සිද්ධස්ථාන විනාශ කරන්නේ නම් කෙදිනකවත් සංහිඳියාවක් ඇති වන්නේ නැහැ. ඒ වෙනුවට සිදුවන්නේ ජනතාවගේ සිත් මහත් වේදනාවට පත්වීමක් පමණයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon