සිවිල් ආරක්ෂක බළකායේ ධජයන්ට සෙත් පැතීම ශ්‍රී මහා බෝධිය ඉදිරිපිටදී

  👤  2540 readers have read this article !
By mawbima 2018-09-13

අනුරාධපුර - මහේෂ් විජේසූරිය


සිවිල් ආරක්ෂක බළකා දෙපාර්තමේන්තුවේ සිවුවැනි සංවරත්සරය වෙනුවෙන් බළකායේ සියලුම ධජයන්ට ආශීර්වාද කර සෙත් පැතීම සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් නිර්මාල් කොස්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අටමස්ථාන පූජා භූමියේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී පෙරේදා (11දා) උදෑසන සිදු කෙරිණි.


වාර්ෂිකව අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අබියස සිදු කෙරෙන උත්සවය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ අනුශාසනාව පරිදි පැවැත්විණි. වාර්ෂිකව පැවැත්වෙන උත්සවයේදී සිවිල් ආරක්ෂක බළකායට අයත් සියලුම බළකාවල ධජයන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත රැගෙන විත් සෙත් පිරිත් සජ්¿ධායනා කර ආශීර්වාද ගැන්වීම සිදුකෙරිණි.


අනතුරුව යුද්ධයේදී දිවිපිදූ සිවිල් ආරක්ෂක බළකායේ සියලුම නිලයන්වල නිලධාරීන්ට පින් පැමිණවීම හා යුද්ධයෙන් ආබාධිත වූ සියලුම සිවිල් ආරක්ෂක බළකා සෙබළුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමද සිදුවිය. උත්සවය ආරම්භවීමට පෙර සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් නිර්මාල් කොස්වත්ත මහතා ඇතුළු සෙසු නිලධාරීන් අටමස්ථානාධිපති හිමියන් බැහැදැක උන්වහන්සේට සිවුරු පිරිකරාදිය පූජාකර ආශීර්වාදය ලබා ගත්හ.


සියලුම බළකායන්ට අයත් ධජයන් ශ්‍රී මහා බෝධියට පිවිසෙන ප්‍රධාන පෙත්මඟ ඔස්සේ රැගෙනවිත් ආශීර්වාද කිරීම සඳහා ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අබියසට රැගෙන යෑම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සිවිල් ආරක්ෂක බළකායේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩී.සී. ගුණවර්ධන මහතා ඇතුළු උසස් නිලධාරීන් හා සෙසු නිලයන් 300කට අධික පිරිසක් සහභාගිවී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon