වැරැදි දෙසින් ආ අත් ට්‍රැක්ටරයක වැදී 22 හැවිරිදි යතුරුපැදිකරු මරුට

  👤  2634 readers have read this article !
By mawbima 2018-09-13

මත්තල -
ඩී.එන්. ජයසේකර සෙවණගල -
එස්. කුට්ටපිටිය


කිරිඉබ්බන්ආර සිට සූරියවැව දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියක් සෙවණගල නුගේගලයාය ප්‍රදේශයේදී වැරැදි මංතීරුවේ ගමන් ගත් අත්ට්‍රැක්ටරයක ගැටීමෙන් යතුරුපැදිකරුවකු 11දා රාත්‍රි 7ට පමණ එම ස්ථානයේදීම මියගොස් ඇතැයි සෙවණගල පොලිසිය පවසයි.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විශ්වවිද්‍යාල වරම් ලබා තිබූ කිරිඉබ්බන්වැව, රන්වැලිගම, සෙවණගල ලිපිනයේ පදිංචිව සිටි ගීගනගේ නුවන් ලක්මාල් නමැති 22 හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයා සිය හිතවතකුගේ යතුරුපැදියකින් කිරිඉබ්බන්වැවට ගොස් නැවත යතුරුපැදිය ලබා දීමට මිතුරාගේ නිවෙසට පැමිණෙමින් සිටියදී වැරැදි දෙසින් ආ අත් ට්‍රැක්ටරයක වැදී අනතුරට ලක්ව තිබේ. අනතුරට පත්ව ඇති යතුරුපැදිය අධි එන්ජින් ධාරිතාවකින් යුතු යතුරුපැදියක් බවයි පොලිසිය පැවැසුවේ. යතුරුපැදිකරු අධික වේගයෙන් ගමන් කර ඇති අතර වැරැදි දෙසින් ආ ට්‍රැක්ටරයේ වැදී යතුරු පැදිය මීටර් 58ක් දුරට විසිවී ගොස් ගිනිගෙන අනතුරට පත්ව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබේ. වැරැදි දෙසින් ගමන් ගත් අත්ට්‍රැක්ටරයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් සෙවණගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon