මුලතිව් මුහුදේ මසුන් මියගොස් වෙරළට ගොඩ ගසයි

  👤  2546 readers have read this article !
By mawbima 2018-09-13

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ


මුලතිව් වට්ටුවාල් ඇතුළු පළාත් කීපයක මුහුදේ හා කළපුවේ මසුන් මියගොස් පෙරේදා සවස සිට ගොඩගැසීමට පටන්ගෙන ඇතැයි මුලතිව් ධීවරයෝ පවසති.


මෙසේ විශාල වශයෙන් මසුන් හදිසියේම මියයෑමට හේතුව මේ දිනවල පවතින අධික රශ්මියද එසේත් නොමැතිනම් වෙනත් හේතුවක්ද යන්න පිළිබඳව සොයා බලාගෙන යන බව මුලතිව් ධීවර නිලධාරීන් මුලතිව් ධීවරයන්ට දැනුම් දී තිබේ. මෙසේ විශාල වශයෙන් ගොඩට ගසාගෙන එන මියගිය මසුන් එකතු කොට අලෙවි කළ හැකි නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ජනතාවට අවවාද කොට තිබේ. අධික රශ්මිය හේතුවෙන් මීට වසර කිහිපයකට ඉහතදීද මුලතිව් මුහුදේ හා කළපුවේ මසුන් මියගිය බව පවසන මුලතිව් ධීවරයෝ මෙවරද ඒ හේතුව මතම මසුන් මියයන්ට ඇතැයි විශ්වාස කරයි.


කෙසේ වෙතත් මියගිය මසුන්ගේ සාම්පල් මුලතිව් බලධාරීන් විසින් එකතු කරගෙන ගොස් තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon