නාවික හමුදාවේ පිරිසක් කිලෝ 9,000ක මෝරකුගේ දිවි බේරයි

  👤  2555 readers have read this article !
By mawbima 2018-09-13

ආරියරත්න ගනේගොඩ


මුලතිව් අලම්පිල් මුහුදු වෙරළට හදිසියේම ගොඩගැසූ කිලෝ 9,000ක පමණ බරකින් යුතු දැවැන්ත මිණිමුතු මෝරකුගේ දිවි බේරා ගැනීමට නැඟෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා නිලධාරීන් පිරිසක් පෙරේදා (11දා) පියවර ගෙන තිබිණි. වඳ වී යෑමේ තර්ජනයට ලක්ව සිටින මෙම මෝර විශේෂය ඉතා දුර්ලභ ගණයේ සත්ත්වයෙකි. ශ්‍රී ලංකාවේ ඇල්ලීමටද තහනම් මත්ස්‍ය විශේෂයක් වන බවද කියති. මුලතිව් අලම්පිල් වෙරළට මෙම මෝරා ගොඩගැසීමෙන් පසුව මුලතිව් සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය අලම්පිල්හි පිහිටි නාවික හමුදා අනුඛණ්ඩය වෙත දැනුම් දීමෙන් අනතුරුව නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයා ඇතුළු නිලධාරීන් එම අවස්ථාවේදීම මෙම මෝරා බේරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. මෝර පවුලේ විශාලතම වර්ගයට අයත් මෙම මිණිමුතු මෝරා මීටර් 09ක පමණ දිගකින් යුක්තය. මෙම සත්ත්වයා අවුරුදු 70ත් 100ත් අතර කාලයක් ජීවත් වන මත්ස්‍යයකු වන බවද කියති. මෙම මෝරා මුහුදේ සැඩ පහරට හසුව ගසාගෙන පැමිණ තිබූ අතර එහිදී නාවික හමුදා නිලධාරීන් විසින් නාවික යාත්‍රා උපයෝගී කොටගෙන මෙම සත්ත්වයාව නාවික සැතපුම් 03ක් පමණ දුරකට ඇදගෙන ගොස් නිදහස් කොට මුහුදට යවන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon