විග්නේශ්වරන් ඉවත් කළොත් අහිතකර ප්‍රතිවිපාක ඇතිවේවි මේ ප්‍රශ්නයේදී සම්පන්දන් ඉතා නිවැරැදි තීරණයක් ගත යුතුයි- මහ ඇමැති අපේක්‍ෂකයා තමිල් අරසු කච්චි විසින් නම් කළ පසු අපේ තීරණය කියනවා

  👤  2524 readers have read this article !
By mawbima 2018-09-13

උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාව දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් කළහොත් මහත් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බව එම සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ප්ලොට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්ථන් අනතුරු අඟවයි.

විග්නේශ්වරන් මහතාව දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගැනීමේ සම්පූර්ණ අයිතිය දෙමළ ජාතික සන්ධාන නායකයාට තිබෙන බවද එහිදී වඩාත් නිවැරැදි තීරණයක් ගන්නා ලෙසද සිද්ධාර්ථන් මන්ත්‍රිවරයා සම්පන්දන් මහතාගෙන් ඉල්ලා සිටී.

මන්ත්‍රිවරයාගේ යාපනය චුන්නාක්කම් නිවෙසේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රිවරයා මේ බව කීය. එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

විග්නේෂ්වරන් මහතා තවමත් ඉන්නේ දෙමළ ජාතික සන්ධානයේයි. ඔහු සන්ධානයෙන් මීළඟ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙනවාද නැද්ද යැයි තීරණය කිරීම ඔහුගේ පෞද්ගලික තීරණයක්.

ඔහු දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වන්නේ නම් එය අහිතකර තීරණයක්. එය විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානයට මහත් අහිතකර ප්‍රතිවිපාක ඇති කරනු ඇති. දෙමළ ජනතාව විග්නේශ්වරන් මහතාට විශේෂ පිළිගැනීමක් තිබෙනවා. ඔහු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වුවහොත් දෙමළ ජනතාවගේ ඡන්ද දෙකට බෙදෙනු ඇත. මේ තත්ත්වය නතර කිරීමේ වගකීම ඇත්තේ නායක සම්පන්දන් මහතාටයි. තත්ත්වය තේරුම් ගෙන හොඳ තීරණයක් ඔහු ගනු ඇතැයි අපි විශ්වාස කරනවා.

මීළඟ මහ මැතිවරණයේදී උතුරු පළාත් මහ ඇමැති අපේක්ෂකයා කවුරුන් දැයි අද ප්‍රකාශ කරන්න බැහැ. නමුත් දකුණේ දේශපාලනය දෙස බැලීමේදී පළාත් සභා මැතිවරණය කල් යන්න පුළුවන්. මෙවැනි තත්ත්වයකදී මීළඟ උතුරු පළාත් මහ ඇමැති අපේක්ෂකයා කවුදැයි ප්‍රශ්න කරමින් තවත් ගැටලු ඇති කර නොගත යුතුයි. විග්නේශ්වරන් මහතාව අපි තමයි ගෙනාවේ. අපිටත් යම් යම් ගැටලු පවතිනවා. මේවා විස¼දා ගත යුත්තේ සාකච්ඡා කිරීමෙනුයි.

දෙමළ ජාතික සන්ධානයේ කිහිපදෙනකු සිතා සිටින්නේ විග්නේශ්වරන් මහතාව මීළඟ මහ ඇමැති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොකළ යුතු බවයි.

දෙමළ ජාතික සන්ධානයේ තමිල් අරසු කච්චි මීළඟ උතුරු පළාත් මහ ඇමැති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ සාමාජිකයකු ඉදිරිපත් කිරීමට සිතා සිටිනවා මිසක සන්ධානයේ වෙනත් පක්ෂයක සාමාජිකයකු ඉදිරිපත් කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. මෙවර උතුරු පළාත් මහ ඇමැති ධුර අපේක්ෂකයා කවුරුන්ද යන්න තමිල් අරසු කච්චි තීරණය කළ පසුව ටෙලෝ ප්ලොට් පක්ෂවලට ඒ පිළිබඳව ගැඹුරින් සිතන්න පුළුවන්.
ලක්ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon