ලබන මස ලංකාවට එන එංගලන්ත කණ්ඩායම ටෙස්ට් තරගවලදී 3-0කින් පරාජය කළහොත් ලංකාවට උසස්වීමක්

  👤  2527 readers have read this article !
By mawbima 2018-09-13

විචිත්‍ර වීරසිංහ


ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය 4-1ක් ලෙස ජයගත් එංගලන්තය, ශේ්‍රණිගත ලකුණු 105ක් ලබා ලෝක ටෙස්ට් ශේ්‍රණිගත කිරීම්හි එක් පියවරක් ඉදිරියට පැමිණ සිවුවැනි ස්ථානය හිමිකරගෙන සිටියද නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සමඟින් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වුවහොත් පමණක් ඔවුන්ට (එංගලන්තයට) හයවැනි ස්ථානය දක්වා පහළට යෑමට සිදුවෙයි.


කෙසේ වෙතත් එංගලන්තය සමඟින් පැවැත්වෙන එම ටෙස්ට් තරගාවලිය පූර්ණ වශයෙන් (තරග තුනම) ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුවහොත් ටෙස්ට් ශේ්‍රණිගත කිරීම්හි මේ වනවිට සිටින 6 වැනි ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය දක්වා (ශේ්‍රණිගත ලකුණු 102ක් ලබා) ඉහළට ඒමට අවස්ථාව සැලසී තිබීමද විශේෂත්වයකි.


මේ අතර ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අවම වශයෙන් 1-0ක් ලෙස හෝ ජයගැනීමට ඔවුන්ට (එංගලන්තයට) හැකි වුවහොත් ශේ්‍රණිගත ලකුණු 106ක් ලබා දෙවැනි තැනට පත්වීමටද (පාකිස්තානු-ඕස්ට්‍රේලියානු තරගාවලියේ තීරණය අනුව) එංගලන්තයට හැකියාවක් පවතී.


එහිදී තරග දෙකකින් සමන්විත පාකිස්තානු-ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය විසඳුමකින් තොරව හෝ එක් තරගයක් ඕස්ට්‍රේලියානුවන් ජයගත්තද එංගලන්තයට දෙවැනි තැනට පත්වීමට ගැටලුවක් නොවන නමුත් පාකිස්තානුවන් හමුවේ ඕස්ට්‍රේලියාව තරග දෙකම ජයගතහොත් පමණක් එංගලන්තය තෙවැනි තැනට (ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන තරගාවලිය 1-0කින් හෝ ජයගෙන) පත්වීමට නියමිතව ඇත.


තවද එංගලන්තය හමුවේ තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් ස්ථානයේ වෙනසක් සිදුනොවන නමුත් ශේ්‍රණිගත ලකුණු 4ක් ඔවුන්ගෙන් අඩුවෙන අතර, තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් වුවහොත් කණ්ඩායම් දෙකෙහිම ස්ථානයේ වෙනසක් සිදුනොවෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon