ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශ ශාරීරික යෝග්‍යතා වර්ධනයට වෙල්ලවරායන්ගෙන් දැඩි උනන්දුවක්

  👤  2520 readers have read this article !
By mawbima 2018-09-13

ශ්‍රී ලංකා හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ලෙස කටයුතු කරන මාරියෝ වෙල්ලවරායන් පවසා සිටින්නේ එළැඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා කිරීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව තවදුරටත් වර්ධනය කිරීමට දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවයි.


ඩුබායි ක්‍රීඩා නගරයේ පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) ඇකඩමියේ පැවැත්වුණු පුහුණු සැසියකදී ඔහු මේ බව පැවැසූ අතර තවදුරටත් අදහස් දැක්වූ මාරියෝ "පසුගිය වසර 4ක කාලයට සාපේක්ෂව අපි දැන් ගොඩක් තරගවලට සහභාගි වෙනවා. නමුත් අපිට ඉන්දියාව, එංගලන්තය වැනි රටවල්වලට ලැබෙන තරම් ලැබෙන්නෙ නැහැ වගේම ලැබෙන දෙයින් අපි උපරිමය කරන්න ඕන. එහෙම වෙන්න නම් ක්‍රීඩකයො අපි කියන දේ හොඳින් තේරුම් ගන්න ඕනා. ඒ වගේම පසුගිය වසර 4 තුළදි බංග්ලාදේශ ක්‍රීඩකයන් ශාරීරික යෝග්‍යතාව අතින් නිවැරදි මාර්ගයේ ගමන් කරනවා. මගේ ක්‍රිකට් පසුබිමත් එක්ක මම ක්‍රීඩකයන්ගෙ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ විතරක් නෙමෙයි පන්දු යවන්නන්ට වගේම පන්දු රැකීමේ ආදී අංශවලිනුත් මම ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කරන්න කටයුතු කරනවා" යනුවෙන් සඳහන් කළේය.


මේ අතර ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පළමු තරගයට මුහුණ දෙන බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රියාද් මහමදුල්ලා ප්‍රකාශ කර සිටියේ මාස කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ඉතාමත් හොඳ තරග සංචාරයකට සහභාගි වූ බවයි. තවද ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් බැවින් ඔවුන් පරාජය කිරීමට නම් මෙම තරගාවලියේදී බංග්ලාදේශ ක්‍රීඩකයන් තම උපරිම දක්ෂතා දැක්විය යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon