ලංකාවේ හිටපු සහාය පන්දු රැකීමේ පුහුණුකරු නුවන් ඉන්දියාවේ එම තනතුරටම

  👤  2707 readers have read this article !
By mawbima 2018-09-13

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ නුවන් සෙනෙවිරත්න ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ සහාය පුහුණුකරුවා වශයෙන් පත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිට එංගලන්තයේදී පැවැත්වෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා වසරක කාලයක් ඉන්දීය කණ්ඩායමේ පන්දු යැවීමේ සහාය පුහුණුකරුවා වශයෙන් ඔහු කටයුතු කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
මේ වන විට 38 වැනි වියේ පසුවන නුවන් සෙනෙවිරත්න ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග 2කට ක්‍රීඩා කර ඇති අතර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ සහාය පුහුණුකරුවා වශයෙන් ද කටයුතු කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon