සිවගුරුනාදන් අනුස්මරණ කුසලාන ක්‍රීඩා උළෙල 28-29 දෙදින ක්‍රිකට් තරගයෙන් ඇරැඹෙයි

  👤  2480 readers have read this article !
By mawbima 2018-09-13

ගමිත දෙහිපිටිය


කොළඹ ආනන්ද විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර නොකඩවා 7 වැනි වරටත් ටී.වී.එස්. සිවගුරුනාදන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ක්‍රිකට් තරගය මෙම මස 28 සහ 29 යන දෙදින කොළඹ ආන්නද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


2012 වර්ෂයේදී ආනන්ද විදුහල් 125 වැනි සංවත්සරය වෙනුවෙන් 'එඪතඤඪදඨ බඩඥ එඪතතධඹ' නමින් ආරම්භ වුණු මෙම තරගාවලිය මෙවර සංවිධානය කරනු ලබන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසිනි. ඒ අනුව මෙවර තරගාවලිය ක්‍රිකට් තරගයකින්, පැසිපන්දු තරගයකින් සහ චෙස් තරගාවලියකින් සමන්විත වන අතර 'පනික්කාර් තනබාලසිංහම් අනුස්මරණ' ඉංග්‍රීසි මාධ්‍ය විවාද තරගයද මෙයට සමගාමීව පවැත්වීමට නියමිතය.


තවද මෙම විද්‍යාලයන් දෙකෙහි අමුත්තන් වෙනුවෙන් සංවිධානය කෙරෙන විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහය කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිත බව පසුගියදා (12දා) කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය වූ අතර එම මාධ්‍ය හමුවට සමගාමීව මෙවර තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දක්වන ආනන්ද විද්‍යාලයීය ආදී සිසුන් විසින් අනුග්‍රාහක චෙක්පත් සංවිධායක මණ්ඩලය වෙත භාරදීමද සිදු කෙරිණි.


මේ අතර මෙම තරගාවලිය හුදෙක්ම විදුහල් දෙකක් අතර පැවැත්වෙන ක්‍රීඩා උත්සවයක් පමණක් නොව සමාජ සහජීවනයේ ඉදිරි අනාගතය වෙනුවෙන් සිදු කෙරෙන කටයුත්තක් වශයෙන් හඳුන්වා දිය හැකි බව එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ආන්නද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති අසෝක කරුණාරත්න මහතා පැවැසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා කොළඹ ආන්නද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති අසෝක කරුණාරත්න, උප සභාපති යසස් ආරියරත්න, යාපනය හින්දු විද්‍යායේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ සභාපති ඩබ්ලිව්. එස්. කිරුබාරත්නම් සහ ලේකම් ජී. වසන්තන් යන මහත්වරු සහභාගි වූහ.

 

ඡායාරූපය - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon