ආසියානු කුසලාන තරගාවලියෙන් පසුව තිසර ඇෆ්ගනිස්තාන් ලීග් ක්‍රිකට් සටනට

  👤  2496 readers have read this article !
By mawbima 2018-09-13

ඔක්තෝබර් 5 වැනිදා සිට 21 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේදී පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමට ශ්‍රී ලංකාවෙන් තිසර පෙරේරාට පමණක් අවස්ථාව උදා වී තිබේ.


ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා පාතියා, කාබුල්, බල්කා, නන්ගහාර්, කන්දහාර් යනුවෙන් කණ්ඩායම් 5 සහභාගි වන අතර, තිසර පෙරේරා එක්ව ඇත්තේ පාතියා කණ්ඩායමටය.


කෙසේ වෙතත් මෙම තරගාවලිය පවත්වන්නේ ඇෆ්ගනිස්තානයේදීද එසේත් නැත්නම් වෙනත් රටකදී යන්න ගැටලුවක්ව පැවැති අතර එහිදී ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක සෆීක් ස්ටැනික්සායි පවසා ඇත්තේ මෙම තරගාවලිය පැවැත්වීමට සුදුසුම ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැවින් එම ස්ථානය තෝරාගත් බවය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon