ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියට සහභාගි වන්නේ නම් 17දාට පෙර අයැදුම් කරන්න

  👤  2475 readers have read this article !
By mawbima 2018-09-13

ගමිත දෙහිපිටිය


ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ප්‍රධානම ජාතික තලයේ තරගාවලියක් වන 92 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතා තරගාවලිය මෙම මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට කටයතු සංවිධානය කර ඇත.


ඒ අනුව කොළඹ රාජකීය විදුහල් මාස් බොක්සිං කවයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා වයස අවුරුදු 19ත් 40ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකිය.

අන්තර්ජාතික නීති රීතිවලට අනුකූලව පැවැත්වෙන මෙම තරගාවලිය කාන්තා සහ පිරිමි යන අංශ දෙකෙන්ම පැවැත්වේ. තවද ආධුනික හෝ අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලියේ එක් එක් බර පන්තිවල ශූරතාවන් සහ අනුශූරතාවන් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කනිෂ්ඨ ජාතික ශූරතා බොක්සිං තරගාවලියේ ජයග්‍රාහකයන්, මින් පෙර මෙම තරගාවලිය සඳහා සහභාගි වී ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ස්ටබ්ස් පලිහ ශූරතා තරගාවලියේ ශූරතාවන් සහ අනුශූරතාවන් දිනා ගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් මෙම ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා සුදුසුකම් ලබනු ඇත.


කෙසේ වෙතත් මෙම තරගාවලියේදී එක් ක්‍රීඩා සමාජයකට එක් බර පන්තියක් සඳහා සහභාගි කළ හැක්කේ සියලු සුදුසුකම් සපිරූ ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් සිවුදෙනකු හෝ ඊට අඩු සංඛ්‍යාවක් බවත් ශ්‍රී ලංකා බොක්සිං සංගමය නිවේදනය කරයි. තවද තරගාවලිය සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම මස 17 වැනිදාට පෙර ඵපඪතචදඬචඡධයඪදඨ@ඨථචඪත.ජධථ යන විද්‍යුත් ලිපිනයෙන් ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ ලේකම් ගයාන් ධනංජය මහතා වෙත තම අයැදුම්පත් යොමු කළ යුතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon