උතුරු පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් 25දා අවසානයි

  👤  2614 readers have read this article !
By mawbima 2018-09-13

ලක්‍ෂ්මී ජයකොඩි


උතුරු පළාත් සභාවේ නිල කාලය එළැඹෙන ඔක්තෝබර් මාසයේ 25 වැනිදායින් අවසන් වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් 'මව්බිම' වෙත අදහස් දැක්වූ උතුරු පළාත් සභා මන්ත්‍රි කේ. සිවාජිලිංගම් මහතා පැවැසුවේ දකුණේ දේශපාලන වාතාවරණය දෙස බැලීමේදී මීළඟ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් යනු ඇති බවයි.


ඒ හේතුවෙන් උතුරු පළාත් මීළඟ මහ ඇමැති ධුර අපේක්‍ෂකයා නම් කිරීමද කල් යනු ඇති බව සඳහන් කළ මන්ත්‍රිවරයා මීළඟ පළාත් සභා මැතිවරණයේදී උතුරේ සියලුම දෙමළ දේශපාලන පක්‍ෂ එක් සන්ධානයක් ලෙස ඒකරාශී කර ගැනීමට අපේක්‍ෂා කරන බවද කීය.


මන්ත්‍රිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුවේ උතුරේ දෙමළ දේශපාලන පක්‍ෂ අසමඟියෙන් කටයුතු කළහොත් එය දෙමළ ජනතාවගේ අරමුණු පරාජය වීමට හේතුවක් වනු ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon