සංවර්ධනයට අදාළ ප්‍රශ්න විසඳීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල නවීන විද්‍යා දැනුම යොදා ගැනීම අවශ්‍යයි - අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම

  👤  2617 readers have read this article !
By mawbima 2018-09-13

පහන් විජේසේකර


සංවර්ධනයට අදාළ ප්‍රශ්න විසඳීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල නවීන විද්‍යා දැනුම යොදා ගැනීම අවශ්‍ය බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවැසුවේ නොබැඳි රටවල් සහ වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවල විද්‍යා සහ
තාක්ෂණ මධ්‍යස්ථානයේ 14 වැනි පාලක සභාවේ පළමු සැසිවාරයට සහභාගි වෙමිනි.


එදා පැවැති තත්ත්වයන්ගෙන් වෙනස් වී ඉන්දියාව වැනි නොබැඳි රටවල්ද චීනය වැනි වෙනත් සංවර්ධනය වෙමින් පැවැති රටවල්ද තාක්ෂණිකව බොහෝ ඉදිරියට ගොස් ඇතැයිද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.


කෘෂිකර්මාන්තය සඳහා ඩේ‍රා්න සහ චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගනිමින් ගොඩබිම්වල සිතියම් කලින්කලට සකස් කර වගා කළ ප්‍රමාණය සහ අපේක්ෂිත අස්වැන්න ආදිය පිළිබඳවද මෙහිදී අමාත්‍යවරයා පැහැදිලි කළේය. සිය කතාව අවසන් කරමින් දැනට ඉදිවෙමින් පවතින වරාය නගරය (පෝර්ට් සිටි) නරඹන ලෙසට විදේශීය නියෝජිතයන්ට අමාත්‍යවරයා ආරාධනයක්ද කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon