ජොන්ස්ටන්ට ඇප දෙනවාද නැද්ද? තීන්දුව 17වැනිදා

  👤  2563 readers have read this article !
By mawbima 2018-09-13

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටිමින් ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමේ විභාගය ඊයේ (12දා) අවසන් කළ අභියාචනාධිකරණය එහි තීන්දුව ලබන සඳුදා (17දා) ප්‍රකාශයට පත් කරන බැව් දෙපාර්ශ්වයටම දන්වා සිටියේය.


ජනක් ද සිල්වා හා අචල වෙංගප්පුලි යන ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණු අතර ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ජේ‍යෂ්ඨ නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත සුගත් කල්දේරා සහ නිරාන් ඇන්කර්ටෙල් යන නීතිඥ මහත්වරුන්ගේ සහාය ලබමින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් කරුණු දැක්වීය.


ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ නයෝමි වික්‍රමසේකර මහත්මිය සමඟ උදාර කරුණාතිලක මහතා නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon