ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ‘ඩුබායි කජු’ තිත්ත වෙයි

  👤  2553 readers have read this article !
By mawbima 2018-09-13

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මෙතෙක් කජු සැපයූ ඩුබායි සැපයුම්කරුගෙන් කජු මිලදී ගැනීම වහාම අත්හිටුවා එය වෙනත් සැපයුම්කරුවකුට පැවරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඊයේ (12දා) තීරණය කර තිබේ.


හම්බන්තොට, රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (11දා) පැවැති ගොවි හමුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට දැඩි ලෙස චෝදනාවක් එල්ල කිරීම මීට හේතුව බව, ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ආරංචි මාර්ග සඳහන් කරයි.


"මම නේපාලයේ සිට ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන්. එහිදී කන්න කජු වගයක් දුන්නා. මිනිහෙකුට තියා බල්ලකුටවත් ඒවා කන්න බැහැ. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගේන මේ කජුවලට අස්සන් කරලා අනුමත කරන්නේ කවුද? යැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon