ගෝඨාගෙන් CID පැය 31/2ක් ප්‍රශ්න කරයි

  👤  2519 readers have read this article !
By mawbima 2018-09-13

චාමර අමරසූරිය


මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන්...සිදුවන විමර්ශනවලට අදාළව හිටපු ආරක්ෂක ලේකම ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය තුනහමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (12දා) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙරවරු 10.00ට පමණ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.


මෙම සිද්ධියට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගත් බවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගයන් සඳහන් කරයි.
ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පස්වරු 1.40ට පමණ ඒ මහතා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.


මෙම විමර්ශනවලට අදාළව ඉදිරියේදී හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon