සම්පන්දන් මෝදිට එහෙම කියලා නෑ

  👤  2514 readers have read this article !
By mawbima 2018-09-13

"ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තදින් කටයුතු කරන ලෙස හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව මෙරටට බලපෑම් කරන ලෙස හෝ, ඉන්දීය අගමැති මෝඩි මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී කිසිදු අවස්ථාවක විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා සඳහන් නොකළ බව, ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකේය දූත පිරිසේ නායක කථානායක කරු ජයසූරිය මහතා අවධාරණය කරන බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කරයි.


එම මාධ්‍ය අංශය මෙසේ සඳහන් කරන්නේ "ශ්‍රී ලංකාවට තදින් ඉන්න - සම්පන්දන් මෝදිගෙන් ඉල්ලයි" යන සිරස්තලය යටතේ ඊයේ 'මව්බිම' පත්‍රයේ පළ වූ පුවත ගැන කරුණු පැහැදිලි කරමින් එවා ඇති නිවේදනයේය.


ඉන්දීය අගමැතිවරයා සමඟ කිසිදු නියෝජිතයකු වෙන වෙනම පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවකට සහභාගි නොවූ බවද එහි සඳහන්ය.
සටහන


අප පුවතට පාදක වූයේ, මේ සාකච්ඡාව සම්බන්ධයෙන් ඉන්දියානු සංචාරයට සහභාගි වී සිටින මනෝ ගනේෂන් හා රවුෆ් හකීම් ඇමැතිවරුන්ගේ නිල ෆේස්බුක් ගිණුම්වල පළ වී තිබූ සටහන්ය.


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම සඳහා ඒ වෙනුවෙන් හැකි පමණ ශ්‍රී ලංකාවට බලපෑම් කරන ලෙසත් එය තමන්ගේ එකම අවශ්‍යතාව බවත් විපක්ෂ නායක සම්පන්දන් මහතා ඉන්දීය නායකයන් හමුවේ ප්‍රකාශ කළ බව, මනෝ ගනේෂන් ඇමැතිවරයාගේ 'ෆේස්බුක්' ගිණුමේ සටහන්ව තිබේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon