හදිසි කැබිනට් රැස්වීමක් අද

  👤  2573 readers have read this article !
By mawbima 2018-09-13

රුචිර දිලාන් මධුශංඛ

කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද කැඳවා තිබේ. දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශේෂ කැබිනට් හමුව පැවැත්වීමට නියමිත බව ජේ‍යෂ්ඨ අමාත්‍යවරයෙක් "මව්බිම"ට පැවැසීය.

සුපුරුදු පරිදි සෑම අඟහරුවාදා දිනකම පෙරවරුවේ සතිපතා කැබිනට් හමුව පැවැත්වෙන අතර, අත්‍යවශ්‍ය කරුණක් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ කැබිනට් හමුව කැඳවා ඇති බවද වාර්තා වේ.


ඊයේ (12දා) පස්වරුව වන විට කැබිනට් ඇමැතිවරුන්ට මෙම පණිවුඩය දැනුම් දී ඇති අතර, මේ සඳහා පැමිණීම අනිවාර්ය කර ඇත.
පාර්ලිමේන්තු සතියක් නොවන නිසා ඇතැම් ඇමැතිවරුන් සිය ගම්බිම් බලා උත්සව සඳහා පිටත්ව ගොස් තිබූ අතර, ඔවුන් සියලු දෙනාද අද (13දා) පෙරවරුව වන විට කොළඹට පැමිණීමට නියමිතය.


හදිසි කැබිනට් රැස්වීම කැඳවා තිබෙන්නේ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට බව දැනගන්නට ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon