ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 50ක ණය මුදලක් ගැනීම සම්බන්ධයෙන් පැවැති ගැටලු විස¼දා ගත්තා-ඇමැති රංජිත් සියඹලාපිටිය

  👤  2690 readers have read this article !
By mawbima 2018-09-14

හර්ෂනී අර්සකුලරත්න

සූර්යබල සංග්‍රාම වැඩසටහන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ලබාදීමට එකඟව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදල ලබාගැනීම සම්බන්ධව පැවැති ගැටලු කඩිනමින් නිරාකරණය කරගත් බවත් ඒ අනුව එම මුදල් ලබාගැනීමට කටයුතු සම්පාදනය කිරීමට හැකිවූ බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය පැවැසීය.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව පසුගියදා (11දා) කැබිනට් මණ්ඩලයට යොමු කළ බවත් සිය ඉල්ලීම මත එදින මේ සඳහා අනුමැතිය ලබා දෙමින් එම යෝජනාව ස්ථීර කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කළ බවද ඔහු පැවැසීය.
මේ ණය මුදල ලංකාවට හිමිවීමත් සමඟ මෙරට විදුලිබල පද්ධතියට මෙගාවොට් 50ක පමණ සූර්යබල විදුලි ධාරිතාවක දායකත්වයක් ලබාදීමට හැකි වන බවද ඔහු පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ අන්ටේලෙකෝ ආයතනය නිෂ්පාදනය කළ ස්මාර්ට් විදුලි මීටරය සඳහා ජාත්‍යන්තර රන් සහතිකය හිමිවීම පිළිබඳ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වූ උත්සවයකදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon