මුලතිව් ප්‍රදේශයේ වෙඩි තැබීමකින් තුවාල වූ හතර දෙනාගෙන් එක් අයකුට බරපතළයි

  👤  2649 readers have read this article !
By mawbima 2018-09-14

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

මුලතිව් කෝම්බාවිල් ප්‍රදේශයේදී වෙඩි තැබීමකට ලක්ව තුවාල ලැබූ පුද්ගලයන් හතර දෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.
මේ වෙඩි තැබීම සිදුවූයේ 11දා රාත්‍රි 11.25ට පමණය.

මුලතිව් කෝම්බාවිල් ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වූ පිරිසක් නිවෙසේ උදවියට වෙඩි තබා කඩුවලින් කපා තුවාල සිදුකොට පලා ගොස් තිබිණි.

මේ සිද්ධියේදී හතර දෙනකු තුවාල ලැබූ අතර ඔවුන් සියලුම දෙනා එකම පවුලේ සාමාජිකයෝය. සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යයි.

මුලතිව් පොලිසිය පවසන්නේ වෙඩි තැබූ පිරිසත් මේ නිවැසියන් අතරත් තිබූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මේ වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මුලතිව් පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon