අල්ලස් කොමිසම එල්ල කළ චෝදනා 47ටම අප නිවැරැදියි -ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු කියති

  👤  2646 readers have read this article !
By mawbima 2018-09-14

කේ.එස්. උදය කුමාර්

පසුගිය රජය සමයේ රුපියල් ලක්ෂ 355ක අල්ලසක් දුන් බවට සහ එම අල්ලස් මුදල ලබාගත් බවට අල්ලස් කොමිසම එල්ල කර ඇති චෝදනා 47කට තමන් නිවැරැදිකරුවන් බව ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු කොළඹ මහාධිකරණය හමුවේ පෙරේදා (12දා) ප්‍රකාශ කළහ.

මෙම නඩුව පෙරේදා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ අධිචෝදනා 47කින් සමන්විත චෝදනා පත්‍රය විවෘත අධිකරණයේ කියවනු ලැබීය. එම චෝදනාවලට තමන් නිවැරැදිකරුවන් බව විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු යන මහත්වරු ප්‍රකාශ කළහ.

ඉන් අනතුරුව නඩු විභාගය ආරම්භ වූ අතර එහිදී මූලික දේශනය ඉදිරිපත් කරමින් ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ ගාලු වරායට ආසන්න ජාත්‍යන්තර මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා එම සමාගමේ සභාපති විත්තිකාර නිශ්ශංක යාපා සේනාධිපති විසින් එම වකවානුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළ විත්තිකාර විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු වෙත රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදී ඇති බවයි. 2012 වසරේ සැප්තැම්බර් මස 20 වැනිදා සහ 2014 වසරේ ජූලි මස 08 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ මෙම ලක්ෂ 355ක මුදල විත්තිකාර සේනාධිපති විසින් හත් වතාවකදී විත්තිකාර පාලිත ප්‍රනාන්දුගේ බැංකු ගිණුමට තැන්පත් කර ඇතැයි සඳහන් කළ ජේ‍යෂ්ඨ රජයේ නීතිඥවරයා මෙසේ මුදල් දීම සහ ලබා ගැනීම තුළින් විත්තිකරුවන් දෙදෙනා අල්ලස් පනත යටතේ වරදක් කර ඇතැයි සඳහන් කළේය.

ානයේ යුද සේවා ලේකම් කාර්යාලයේ සේවය කළ යුද හමුදා කර්නල් අසේල කුලතුංග මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය. වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 26 වැනිදාට කල් තැබිණි. මෙහි පැමිණිලිකාර අල්ලස් කොමිසම වෙනුවෙන් ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියි.

විත්තිය වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ, නීතිඥ නවීන් මාරපන මහතා සමඟ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පෙනී සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon