නාවලපිටිය එජාප සංවිධායකවරයා ඉවත් කරන ලෙස මන්ත්‍රි කණ්ඩායම ඉල්ලයි

  👤  2743 readers have read this article !
By mawbima 2018-09-14

ගම්පොළ - මාධව බණ්ඩාර

නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා විසින් පාක්ෂිකයන්ට හා ප්‍රාදේශීය මන්ත්‍රිවරුන්ට පහරදීම හා තර්ජනය කිරීම් නිසා ආසනයේ බලය හීන වී ගොස් පාක්ෂිකයන් දෙකඩ වී ඇතැයි පවසා ආසන සංවිධායකවරයා වහාම ඉවත් කොට නව ආසන සංවිධායකවරයකු පත්කරන ලෙස ඉල්ලා නාවලපිටිය නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රි කණ්ඩායමක් නාවලපිටියේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ පස්බාගේ කෝරලේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි එම්.එස්. රත්නසිරි මහතා ප්‍රකාශ කොට සිටියේ තමා 1997 සිට මෙම පළාත් පාලන මැතිවරණය දක්වා මන්ත්‍රිවරයකු ලෙස සිටිමින් පාක්ෂිකයා හා පක්ෂය ශක්තිමත් කළ බවයි.

නමුත් ශ්‍රීලනිප සිට පැමිණි නාවලපිටිය ආසනයේ එජාප සංවිධායක වූ ආනන්ද අලුත්ගමගේ මහතා බලය අයුතු ලෙස යොදා ගනිමින් මන්ත්‍රිවරුන්ට හා පාක්ෂිකයන්ට පහර දීම හා මරණ තර්ජනය කරමින් පක්ෂය විනාශ කිරීම අරඹා තිබීම ඉහළට දැනුවත් කළත් මෙතෙක් විසඳුමක් නොලැබී ඇති බව පවසයි.

පසුගිය 10 දින රාත්‍රි තම නිවෙසට පැමිණි ආනන්ද මන්ත්‍රිවරයා තම බිරිය ඉදිරියේ තමාට පිස්තෝලය හිසට තබා තර්ජන කරමින් බැන වැදීම නාවලපිටිය පොලිසියට දැනුම් දී ඇති බවත් මේ පිළිබඳ පක්ෂ නායකත්වයට පවා දන්වා ඇති බවත් පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ නාවලපිටිය නගරාධිපති සසංක සම්පත් සංජීව (රංග) මහතා මෙසේ පැවැසීය.

නාවලපිටිය ආසනයේ ඇති කොට්ඨාස තුනේම බලය එජාපයට ගිලිහී ගියේ මෙම ආසන සංවිධායකවරයාගේ ක්‍රියාකලාපය නිසා. නාවලපිටිය ආසන බල මණ්ඩලයේ 400 දෙනාගෙන් 385ක්ම දැන් මෙතුමාගෙන් අයින් වෙලා ආසනය දෙකට කැඩිලා. මෙතුමාගේ සූදානම මහින්දානන්ද මන්ත්‍රිවරයා හරහා පොහොට්ටුවට ගොස් යළි බලයට එන්න. ඒ ස¼දහා පසුබිමයි මේ සූදානම් කරන්නේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon