හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගැනීමේ වැඩසටහනක් වනාතවිල්ලුව ප්‍රා. ලේකම් කාර්යාලයේදී 19 දින

  👤  2504 readers have read this article !
By mawbima 2018-09-14

ආරියරත්න ගනේගොඩ

ජාතික හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහනක් මේ මස 19 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී වෙන්නප්පුව සේසත ඡායාරූප ශාලාව මේ සඳහා ප්‍රධාන අනුග්‍රහය සපයන අතර එම ආයතනය සමාජ සත්කාරයක් ලෙස මෙම වැඩසටහන පවත්වයි.

එහි ප්‍රථම වැඩසටහන පසුගිය පොසොන් පොහොය දින වෙන්නප්පුවේදී සිදුකෙරිණි.

එදින 3,000කට අධික පිරිසකට හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ඡායාරූප ගැනීම සිදුවිය. මෙහි දෙවැනි අදියර වනාතවිල්ලුවේදීත්, තෙවැනි අදියර ලබන නොවැම්බර් මස පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේදීත් සිවුවැනි අදියර උතුරු පළාතේදීත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ මස 19 වැනිදා වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වෙන වැඩසටහනට වැඩිහිටියන් 780ක් දෙනා සහ පාසල් සිසු සිසුවියන් 300ක පමණ ජාතික හැඳුනුම්පත් ලබාදීමට නොමිලේ ඡායාරූප ගැනීම සිදුකරන බව පැවැසු සේසත ඡායාරූප ශාලා සමූහයේ අධිපති සේනක ප්‍රසාද් මහතා බී.ඩී. විෂන් ආයතනයද මේ සඳහා අනුග්‍රහය දක්වන බව 'මව්බිම'ට පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon