වැල්ලවාය නගරයේ වෙළෙඳ සංකීර්ණය ඉවත් කිරීමේදී උණුසුම් වාතාවරණයක්

  👤  2557 readers have read this article !
By mawbima 2018-09-14

වැල්ලවාය - ජී. අයි. රොෂාන්

වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගයක් අනුව වැල්ලවාය නගරයේ පිහිටි අනවසර වෙළෙඳසල් සංකීර්ණය ඉවත් කිරීමට ඊයේ (13දා) උදෑසන වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති, මන්ත්‍රිවරුන් හා කාර්ය මණ්ඩලය පැමිණි අවස්ථාවේ එම අනවසර වෙළෙඳසල් හිමියන් අතර උණුසුම් වාතාවරණයක් ඇති විය.

වෙළෙඳසල් හිමියන් හා සභාපතිවරයා අතර පැය තුනකට අධික කාලයක් වරින් වර විවිධ වාද විවාද පැවැති අතර එම ස්ථානයට මොනරාගල පොලිස් අධිකාරි ඩී.එම්. තිලකරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද පැමිණියහ.

වැල්ලවාය පොලිස් ස්ථානාධිපති පී.එම්. ජයරත්න මහතා වෙළෙඳසල් හිමියන් ගෙන්වාගෙන අධිකරණ නියෝගය කියවා තේරුම් කර දුන් අතර එම අවස්ථාව වීඩියෝ ගත කරමින් සිටි මාධ්‍යවේදීන්ට ස්ථානාධිපතිවරයාගේ බාධා කිරීම්ද සිදුවිය.

පසුව වෙළෙඳසල් හිමියන් විසින් තමන්ගේ භාණ්ඩ ඉවත් කර ගැනීම සිදු කරගත් අතර එක් වෙළෙඳසල් හිමි කාන්තාවක් සභාපතිවරයා ඇතුළු පිරිසට දෙස් දෙවොල් තබමින් තම වෙළෙඳසල් තිබූ භාණ්ඩ මහපාරට දමාගසන අයුරුද දක්නට ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon