වැසිකිළි වළක කොන්ක්‍රීට් තට්ටුවක් මත සෑදූ මඩුවක සිටියදී මියගිය කතකගේ මරණය ගෙල සිරවීමක් නිසා සිදුවූවක්- මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය

  👤  2563 readers have read this article !
By mawbima 2018-09-14

මීගමුව - නිමන්ති ප්‍රනාන්දු

වැසිකිළි වළක කොන්ක්‍රීට් තට්ටුවක් මත සෑදූ මඩුවක සිටියදී මියගිය කාන්තාවගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු සහ මූලික පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගනිමින් මෙය ගෙල සිරවීමක් නිසා සිදුවූ මරණයක් බවට තීරණය කළ බවට නියෝගය දුන්නාය.

වැඩිදුර විමර්ශන පවත්වා වාර්තා කිරීමට කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත නියෝග කරන බවද එම නියෝගයේ වැඩිදුරටත් සඳහන්ය. මෙසේ මියගොස් ඇත්තේ කන්දලන්ද කෝන්ගොඩමුල්ල කටාන පදිංචි ගම්මන ආරච්චිගේ නෙලුම් සුරාජි (50) නමැති තිදරු මවකි. මරණ පරීකෂණයේදී සාක්ෂි දුන් මිය ගිය අයගේ සහෝදරියක වන කෝන්ගොඩමුල්ල පදිංචි කමලආරච්චිගේ ස්වර්ණලතා මහත්මිය (41) මෙසේ කීවාය.

මම පදිංචි වෙලා ඉන්නේ ඒ ළඟමයි. මිය ගිය අක්කව බලාගත්තේ තරංගා ප්‍රියදර්ශනී නමැති නෑනායි. අක්කා මිය ගිය බව 2018 අගෝස්තු 2දා දැනගත්තා. අක්කා කතා කරන්නෙ නැහැ කියලා නෑනා මට කතා කරලා කිව්වා.

මම එතැනට ගියා. අක්කා කොන්ක්‍රීට් එකක් උඩ තමයි සිටියේ. එතැනින් බිම වැටිලා තිබුණා. අපි එයාව රෙදි පටියකින් බැඳලා තිබුණේ. අක්කගේ ටී ෂර්ට් එකේ කරේ ඒක බැඳලා තිබුණේ. මම කතුරකින් පටිය කැපුවා.

කපනකොට එයා මැරිලා කියල මට තේරුණා. පසුව මායි අක්කයි එයාව කොන්ක්‍රීට් එක උඩින් උස්සලා තිබ්බා. පසුව එයාගේ ඇඳුම් කැපුවා. එයා ඇඳ සිටි කලිසමත් කැපුවා. ඒ ඇඳුම් ඔක්කොම ගලවලා ගිනි තිබ්බා. පසුව අක්කව හෝදලා වෙන ඇඳුමක් අන්දවා අරන් ගිහින් අක්කලගේ කාමරයේ ඇඳ උඩ තිබ්බා.
විජේසූරිය ආරච්චිගේ අනුෂා විජේසූරිය (42)
මම ග්‍රාමසේවක නිලධාරිනියක්.

අංක 62/සී බටහිර වසමේ රාජකාරි ආවරණය කරනවා. මට නෙළුම් සුරාජ් කියන කෙනා මැරිලා කියලා දුරකථන පණිවිඩයක් ලැබුණා. පසුව මම එතැනට ගියා. මම යන කොට එහි සිටියා මියගිය අයගේ සොහොයුරාගේ බිරිය තරංගා. මිය ගිය අයගේ සොහොයුරිය ලක්ෂ්මි මිනිය කාමරයේ ඇඳ උඩ රෙද්දකින් වහලා තිබුණා. පසුව මම රෙද්ද අයින් කළා. මූණ ඉදිමිලා තිබුණා. කකුල් දෙකේ තුවාල තිබුණා. ඒවා අලුත් ඒවා නෙවෙයි.

ටීෂර්ට් එකේ බොත්තම බෙල්ල ගාවට දාලා තිබුණා. මම කිව්වා බොත්තම ගලවන්න කියලා පසුව මම දැක්කා බෙල්ලේ පාරවල් තියෙනවා. මම ඇහැව්වා මෙයාට ඔපරේෂන් එක් කරලා තියෙනවදා කියලා නැහැ කිව්වා. මම කිව්වා මේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න තියෙනවා. පොලිසියට යන්න කියලා. ගම්මන ආරච්චිගේ මිනෝලි මහේෂිකා (25) මියගොස් ඇත්තේ මගේ අක්කා. ඇය මන්ද බුද්ධික තත්ත්වයෙන් සිටි කෙනෙක්.

මෙයා ‍ෙදාර ඇරගෙන යන නිසා මඩුවක් හදලා ඒකේ තියලා තමයි සිටියේ. ඇතැම් විට මෙයා දවස් දෙක තුන නැති වෙලා ඉඳලා තියෙනවා. ඒක නිසා අපි එයාව ගැටගහලා තිබුණා. නෑනා තරංගා යන අයයි ගොඩක් වෙලාවට අක්කව බලාගත්තේ. නැන්දා බෙල්ල හිරවීමකින් මැරිලා කියලා පසුව දැනගත්තා.

කොච්චිකඩේ පොලිසියේ නිලධාරීන් විසින් මෙම මරණය නොසැලකිලිමත්කම නිසා සිදුවූ මරණයක් බවට සඳහන් කර මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී අධිකරණයට වාර්තා කළේය.

මෙම මරණය නිසා සැකපිට කොන්ගොඩමුල්ල කටාන එම නිවසේම පදිංචිව සිටි මියගිය කාන්තාවගේ සහෝදරයාගේ බිරිය වන තරංගා ප්‍රියදර්ශනී (50) නමැති අයව රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු එම සැකකාරිය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

කොච්චිකඩේ පොලිසිය මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවූ අතර සැකකාර කාන්තාව වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥ නෙල්සන් පී. කුමාරනායක මහතා පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon