19 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දීම ගැන කනගාටු වෙනවා- එජනිස පා.ම. ලක්ෂ්මන් යාපා අබේවර්ධන

  👤  2606 readers have read this article !
By mawbima 2018-09-14

දෙනගම ධම්මික රණවීර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දීම පිළිබඳව කනගාටු වන බව ආණ්ඩුවෙන් ඉවත්වූ එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

විධායක බලතල ඉවත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන බවට සමාජය තුළ තිබූ අදහස නිසා එසේ ඡන්දය දුන් බවද කීවේය. එහෙත් එය ජනතා ඡන්දයෙන් පත්වීමට නොහැකි අයගේ පැවැත්ම වෙනුවෙන් කළ සංශෝධනයක් බවද හෙතෙම සඳහන් කළේය.

රටේ ඒකීය භාවය නැති වන 20 වැනි සංශෝධනයට ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රිවරු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රීලනිප තීරණය කළ බවත්, තම මන්ත්‍රි කණ්ඩායම එම අදහසේම සිටිමින් 20ට විරුද්ධව ඡන්දය දෙන බවද ඊයේ (13දා) බත්තරමුල්ලේ, නෙලුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම එසේ කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon