ආසියාන් සංවිධානය හා ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා

  👤  2695 readers have read this article !
By mawbima 2018-09-14

ආසියාන් සංවිධානය හා ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව පුළුල් කරලීමේ ඉදිරි වැඩපිළිවෙළක් සම්බන්ධව මූලික පියවර ගැනීම සුදුසු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආසියාන් සංවිධානයේ මහ ලේකම් ජොක් හොයි ලිම් (ඩ්ධද. බ්ධජඬ ඩ්ධඪ ඹ්ඪථ) මහතා අතර 12දා පැවැති සාකච්ඡාවන්හිදී අවධාරණය කෙරිණි.

හැනොයි නුවර "ආසියාන්" ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ පැවැති මේ සාකච්ඡාවේදී ථෙරවාද බුදුදහම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ආසියන් සංවිධානයේ රටවල් ගණනාවකම ප්‍රචලිතව ඇත්තේ ථෙරවාද බුදු දහම බවය. ථෙරවාද බුදු දහම ප්‍රචලිතව ඇති ආසියාන් සංවිධානයට අයත් නොවන එකම රට ශ්‍රී ලංකාව බවත් මේ ආගමික සම්බන්ධතාව මත ආසියානු රටවල් සමඟ සමීපව කටයුතු කිරීමේ පොදු පදනමක් ශ්‍රී ලංකාවට ඇති බවත් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ආසියාන් සංවිධානයට අයත් රටවල් හා ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන හා යෞවන ක්ෂේත්‍රයන්හි සබඳතාවන් තර කරලීමේ සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon