ව්‍යාපාර අරඹන්න කාම්බෝජයට එන්න - එරට අගමැතිගෙන් ලංකාවේ ව්‍යාපාරිකයන්ට ආරාධනා

  👤  2520 readers have read this article !
By mawbima 2018-09-14

ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන්ට කාම්බෝජයේ ව්‍යාපාර ආරම්භ කරලීම සඳහා පැමිණෙන මෙන් ආරාධනා කළ කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් (ඩ්.ඡ්. ඩ්භද ඉඥද) මහතා ඒ සඳහා සියලු පහසුකම් ලබාදීමට තම රජය කැමැත්තෙන් සිටින බවද පැවැසීය.

13දා හැනෝයි නුවර "ආසියාන්" ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් සෙන් මහතා තවදුරටත් පැවැසුවේ දෙරට අතර ව්‍යාපාර කටයුතු ආරම්භ කරලීම සඳහා මූලිකත්වය ලබාදිය යුතු බවය.

අනේ‍යාන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් සකස් කරලීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි. දෙරට අතර වීසා රෙගුලාසි ලිහිල් කරලීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික හා රාජකාරි ගමන් බලපත්‍ර වීසාවලින් නිදහස් කරලීමටද අග්‍රාමාත්‍යවරු එකඟත්වයකට පැමිණියහ.

1979 වසරේ සිය ශ්‍රී ලංකා සංචාරය සිහිපත් කළ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා, ඒ අවස්ථාවේදී වැඳපුදා ගත් බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳවද සිහිපත් කළේය. දෙරට අතර ආගමික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමටද කටයුතු කළ යුතු බව දෙපාර්ශ්වයේම මතය විය. මේ කාර්යයන් විධිමත් කරලීම සඳහා දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර කඩිනම් සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon