තාක්‍ෂණික අත්දැකීම් ලංකාව සමඟ බෙදා හදා ගන්න කැමැතියි- දකුණු කොරියා විදේශ ඇමැතිනිය

  👤  2477 readers have read this article !
By mawbima 2018-09-14

දකුණු කොරියාව කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ යෝධ පියවර ඉදිරියට තබා ඇති බැවින් ඒ තාක්ෂණය හා අත්දැකීම් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සමඟ බෙදා හදා ගැනීමට කැමැත්තෙන් සිටින බව දකුණු කොරියානු විදේශ ඇමැතිනි කං ක්‍යුං වා (ඩ්ධද.ර්චඤචථ ම්චදඨ ම්රභදඨ එඩච) මහත්මිය පැවැසුවාය.

12 වැනිදා පස්වරුවේ හැනොයි නුවර මැරියට් හෝටලයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් කං ක්‍යුං වා මහත්මිය වැඩිදුරටත් පැවැසුවේ ශ්‍රී ලංකා - දකුණු කොරියා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සාකච්ඡා වාරයන්හිදීත් මේ පිළිබඳව ප්‍රමුඛස්ථානයක් ලබාදීම ඉතා වැදගත් බවය.

ශ්‍රී ලංකාවේ - දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් පිහිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේ මෙවැනි කර්මාන්ත කලාපයක් ඔස්සේ දෙරටටම ප්‍රතිලාභ අත්පත් කර ගැනීමේ මාර්ගයන් ගණනාවක් අලුතින් විවර වන බවය.

ඉන්දීය සාගර කලාපයීය සාමය හා නිදහස් නාවුක ගමනාගමනය සුරක්ෂිත කරලීම උදෙසා ශ්‍රී ලංකාවේ වෑයම අගය කළ විදේශ අමාත්‍යතුමිය සියලු ගැටලු සාකච්ඡාවෙන් සාමකාමීව විස¼දා ගැනීමේ මාවත හැමවිටම තමන් අනුගමනය කරන බව අවධාරණය කළාය.

කොරියානු කලාපයීය සාමය ස්ථාවර කරලීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon