ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට උතුරෙන් ලියුමක්

  👤  2637 readers have read this article !
By mawbima 2018-09-14

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

උතුරු පළාත් සභාව විසින් ප්‍රධාන කාරණා පහක් සම්බන්ධයෙන් මෙතෙක් සම්මත කර ගන්නා ලද යෝජනා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක... කරගැනීම පිණිස එම යෝජනා පිළිබඳව සිහි කැඳවීම් ඇතුළත් ලිපියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත යැවීමට උතුරු පළාත් සභාව පෙරේදා (12දා) තීරණය කොට තිබේ.


ඒ උතුරු පළාත් සභාවේ 131 වැනි සැසිවාරය පැවැත්වූ අවස්ථාවේදී එම්.කේ. ශිවාජිලිංගම් මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සභා සම්මත වීමෙන් පසුවය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු පහක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට යවන ලද ලිපියේ ඇතුළත් වෙයි.


ජාත්‍යන්තර යුද අධිකරණයක් පිහිටුවීම ඇතුළු කරුණු 05ක් එහිදී ඒකමතිකව සම්මත වූ බව පවසන සිවාජිලිංගම් මහතා අදාළ ලිපිය මේ වනවිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත යැවීමට පියවර ගෙන ඇති බවද පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon