අනතුරකට ලක් වූ අඟ මුවකු බේරා ගනී

  👤  3256 readers have read this article !
By mawbima 2018-09-18

වාරියපොළ - නිසංකා අබේරත්න

වෙඩි වැදීමකින් අනතුරට ලක්ව නාරම්මල, මැදගොඩ ප්‍රදේශයේ ගෙවත්තක වැටී සිටි විශාල අඟ මුවකු නිකවැරටිය වනජීවී නිලධාරීන් විසින් පෙරේදා (16දා) දහවල් බේරා ගැනිණි.

දඩයක්කරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ අඟ මුවා සෑහෙන දුරක් දුවමින් ගෙවත්තක වැටී සිටියදී බේරාගත් බවද වනජීවී නිලධාරීන් පවසයි. බේරාගත් අඟ මුවා වහාම අනුරාධපුර, පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයට භාර දීමට පියවර ගත් බවත් එහිදී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ප්‍රතිකාර ලබාදීම ආරම්භ කළ බවත් වනජීවී නිලධාරීන් පවසයි.

නිකවැරටිය වනජීවී කලාප කාර්යාලය ප්‍රධානී අයි.එම්.ජී. සෙනවිරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අනතුරට පත්ව සිටි අඟමුවා බේරා ගැනිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon