එක්කෝටි හැට ලක්ෂයක හෙරොයින් ගෙනා පාකිස්තානුවා කටුනායකදී අත්අඩංගුවට

  👤  3312 readers have read this article !
By mawbima 2018-09-18

කටුනායක - ගයා තිරිමාදුර

රුපියල් එක් කෝටි හැට ලක්ෂ හැට දහසක් (1,60,60,000)ක් වටිනා ඉස්තරම් බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි පාකිස්තානු ජාතිකයකු ඊයේ (17දා) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

තිස්පස් හැවිරිදි පාකිස්තානු ජාතික ව්‍යාපාරිකයෙක් වන සැකකරු මස්කට් හරහා පාකිස්තානයේ කරච්චි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

මොහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම බ්‍රවුන් ෂුගර් හෙරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 606ක් සඟවාගෙන තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ස්ටැන්ලි සේනාරත්න, රංජිත් ළමාහේවා, රේගු අධ්‍යක්ෂ පී.ජී. සුමනපාල, කටුනායක ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ. කරුණාරත්න, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ආර්.ඒ.ඒ. සරත්චන්ද්‍ර, එස්.පී. කිරිවත්තුඩුව, විපුල මිනුවන්පිටිය. කේ.එච්.පී. කුමාරසිරි, රේගු අධිකාරි එච්.ඊ.ඩී. පෙරේරා, සහකාර රේගු අධිකාරිවරුන් වන එන්.සී. අබේනායක, ශ්‍රී ලාල් විජේවර්ධන, කේ.බී. බණ්ඩාර, පී.එච්.ඩී.පී. චන්ද්‍රසිරි, ඒ.කේ.ආර්. සමන්ජිත් සහ එම්.ජී.එම්.සී.එස්. චන්ද්‍රසිරි යන මහත්වරු මොහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon