බොරු කියන මහින්ද අමරවීර වැනි ඇමැතිවරුන්ගෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂා විය යුතුයි-ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි චන්දිම වීරක්කොඩි

  👤  1424 readers have read this article !
By mawbima 2018-09-18

දෙනගම ධම්මික රණවීර

බොරු කියන මහින්ද අමරවීර වැනි ඇමැතිවරුන්ගෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂා විය යුතුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් 16 දෙනාගෙන් එක් අයකු වන චන්දිම වීරක්කොඩි මහතා සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිදුකොට තිබූ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් හෙතෙම එසේ කීවේය.

තිස්සමහාරාම, වැලිගත්ත ප්‍රදේශයේ ජන හමුවකට එක් වෙමින් මහින්ද අමරවීර මහතා කියා තිබුණේ තමන් චන්දිම වීරක්කොඩිගෙන් "සනීපද මචං" යනුවෙන් විමසූ විට "නෑ මචං මේක කුණු ගොඩක්. දැන් කරන්න දෙයක් නැහැ" කියලා ඔහු කියූ බවකි.

එහෙත් එම කතාව ප්‍රතික්ෂේප කළ චන්දිම වීරක්කොඩි මහතා තමන් විදේශ ගතවී දින නවයකට පසුව ඊයේ දිවයිනට පැමිණි බවද කීවේය. මහින්ද අමරවීර ඇමැතිවරයා හමුවීමක් සිදු නොවූ බවද පැවැසූ චන්දිම වීරක්කොඩි මහතා ඔහු නිතර නිතර හමුවන කාලයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කෙතරම් බොරු කියන්නට ඇද්දැයි මේ ප්‍රකාශයෙන් සිතෙන බවද සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon