කිලිනොච්චි චන්ද්‍ර උද්‍යානයේ ඉපැරැණි නටබුන් ඩෝසර් කරයි

  👤  3200 readers have read this article !
By mawbima 2018-09-19

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

කිලිනොච්චි සංස්කෘතික මධ්‍යස්ථානය අසල පිහිටි චන්ද්‍ර උද්‍යානයේ (මූන් පාර්ක්) තිබූ ඉපැරැණි නටබුන් සහිත ස්ථානයක් 16දා දහවල් කිලිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඩෝසර් කොට ඉවත් කොට තිබේ.

වසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් මහතා මේ නටබුන් සහිත ස්ථානය ඉවත් කරන ලෙස කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට දැනුම් දී තිබුණු බව ඔවුන් මාධ්‍යයට පවසා තිබිණි. මේ නටබුන් සහිත ස්ථානය ඩෝසර් කරන අවස්ථාවට ශ්‍රී ධරන් මන්ත්‍රිවරයාද පැමිණ ඇති අතර එම නටබුන් ඉවත් කරන අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ 'සිංහල යුද ඉතිහාසය ඉවරයි' යනුවෙන් බව දෙමළ මාධ්‍ය වාර්තා සඳහන් කොට තිබේ. කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේද කිලිනොච්චිය නගර මධ්‍යයේම වන අතර එම ඉපැරැණි නටබුන්වලින් නගරයේ කටයුතුවලට හෝ වෙනත් කටයුතුවලට කිසිදු බාධාවක් එල්ල වී නොතිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon