නි‍ෙදාස්භාවය ඔප්පු කරන්න බැරි නම් රවිට හිරේ යන්න වේවි

  👤  3274 readers have read this article !
By mawbima 2018-09-19

ලක්ෂ්මී ජයකොඩි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වෙතත් දේශපාලන පක්ෂ එක්ව පිහිටුවාගෙන ඇති එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ අවිස්සාවේල්ල, වගවත්ත ප්‍රදේශයේ පාසලක පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාතවරයා මෙසේද කීය.

මෙවර අපි එක්සත් ජාතික පක්ෂයෙන් නව සන්ධානයක් බිහිකිරීමට තීරණය කර තිබෙනවා. එයට අලුත් නමක්, ලාංඡනයක් නිර්මාණය කිරීමටත් සූදානම්. එක්සත් ජාතික පෙරමුණේ එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි තවත් දේශපාලන පක්ෂ තිබෙනවානේ.

එක්සත් ජාතික පක්ෂයට වැඩ කරපු නැති පක්ෂවලට මේ සන්ධානයට ඇතුළුවීමට අවස්ථාව ලබාදෙනවා. මෙය ඉතා පුළුල් සන්ධානයක්.
මෙහිදී රවි කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු පවරා තිබීම පිළිබඳව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවැසුවේ එය යහපාලනය බවත් අදාළ අමාත්‍යවරයාට අධිකරණයට ගොස් තම නිර්දෝෂීභාවය ඔප්පු කළ හැකි බවත් එසේ කළ නොහැකි නම් සිර ගෙට යා හැකි බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon